Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 13:20:25 Hours

විල්පත්තු වන වගා ව්‍යාපෘතිය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයින්ගෙන් සහ සිසු සිසුවියන්ගෙන් විශිෂ්ට සහයෝගයක්

යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ විල්පත්තුව වනෝද්‍යානයේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට දායකත්වය දක්වමින් සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනියක මෙන්ම ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක හිමිකාරීයක් වූ ඔටාරා ගුණවර්ධන මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (13 ) දින ව්‍යාපෘති භාර නිලධාරී වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හමුවී ඇයගේ පූර්ණ සහයෝගය ලබාදීම සඳහා සිය කැමැත්ත පළකර ඇත.

එහිදී, ගුණවර්ධන මහත්මිය සිය පූර්ණ සහය පළකරමින් අනතුරුව සංකේතාත්මකව සිලාවතුර ප්‍රදේශයේ සින්නත් නගර් හි රුක් රෝපණය කිරීමට ද දායක විය.

මෙම සාකච්ඡාවේදී ඇය ව්‍යාපෘතියේ තිරසාරභාවය සඳහා දිගුකාලීනව තමන් ආධාර ලබාදීමට එකඟ බව හා ව්‍යාපෘතිය වෙනුවෙන් ඇයට ලබාදිය හැකි පූර්ණ දායකත්වය පිළිබඳ කරනු පැහැදිලි කළේය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේනරත් බණ්ඩාර ගේ උපදෙස් පරිදි 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී හේරත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව කෙටි හැදින්වීමක් සිදුකරනු ලැබීය.

මහජන බැංකුව, වවුනියාව ශාඛා කළමණාකාරීනිය මෙන්ම ප්‍රදේශීය කළමණාකාරිනිය වන්නීගීතා කනකසබේ මහත්මිය මෙම සංචාරය සඳහා පහසුකම් සපයන ලදී. තවද වවුනියාව මහජන බැංකු කලාපයේ ආරක්‍ෂක අධිකාරී (විශ්‍රාමික) මේජර් උෂාන්ත දසනායක සහ මහජන බැංකුව මුරුන්කන් ශාඛාවේ කළමනාකරු වෙනුවෙන් රාජ් කුමාර් මහතා නියෝජනය කළේය.

මේ අතර, ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන විල්පත්තු වනෝද්‍යනයේ රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා වැඩිවෙමින් පවතින මහජන උද්යෝගය සහ සහයෝගය තවදුරටත් ප්‍රත්‍යක්‍ෂ වූයේ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉකුත් (14) දින වටිනා පැළ 1000 ක් සහ කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් 10,000 කට ආසන්න ප්‍රමාණයක් මහනුවර සහශ්‍ර පාසලේ සාමාජිකයන් විසින් පරිත්‍යාග කිරීමත් සමගිනි. මෙම අවස්ථාවට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇතුළු සේනාංකයන්හි මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම එම පාසලේ ගුරුවර ගුරුවරියන්ද සහභාගී වූහ. Running sports | Gifts for Runners