Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2018 18:56:20 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’බෝයගනේ දී

විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණක්ෂිතයට පත් පැරා ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන විජයබාහු ‘වර්ණ රාත්‍රිය’ සෙනසුරාදා (13) සන්ධ්‍යාවේ දී කුරුණැගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘The Salute’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක විසින් හමුදා සම්ප්‍රදායනුකූලව එතුමන් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව,විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව ශ්‍රවණාගාරය වෙත වෙස් නැටුම්කරුවන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් කැටුව යන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

රට දැය වෙනුවෙන් දිවි පිදු යුද්ධ හමුදා රණවිරුවන් සිහිකරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව,විජයබාහු පාබල රෙජිමේන්තුවේ විශීෂ්ඨත්වය හා අන්නෝන්‍ය සබැඳියාව නිරෑපනය කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කරන ලදී. අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම රාත්‍රියේ දී, යුද්ධ හමුදා මට්ටමින්, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 246 ක් (සේවයේ නියුතු සහ විශ්‍රාමික) සඳහා වර්ණ ප්‍රදානය කරන ලදි.

මෙම වර්ණ රාත්‍රියේ දී 2014, 2015 හා 2016 යන වර්ෂයන්හිදි යුද්ධ හමුදා මට්ටමින්, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදා, ආරක්ෂක සේවා හා ජාතික මට්ටමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන එක්ව සිටියහ.

පසුගිය වසර කිහිපය තුළ ජාතික හා ජාත්‍යාන්තර මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශීෂ්ඨ දක්ෂතා දක්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකින් වෙත වර්ණ ප්‍රදානය කිරීම සඳහා සංදර්ශනයේ අවසන් භාගයේ දී ප්‍රධාන ආරධිත අමුත්තාට පීඨිකාවට ආරාධනා කරන ලදි.

ඉන් අනතුරුව, කෝප්‍රල් එම්.ඒ. අමරවීර සහ කෝප්‍රල් එච්.ටී. තේන්නකෝන් නරඹන්නන්ගේ අත්පොලසන් මැද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙතින් වර්ණ ලැබීය.

මෙම වර්ණ රාත්‍රියේ දී විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් 246 දෙනෙකු වර්ණ හිමි කරගත් අතර, ඒ අතරින් ක්‍රීඩකයින් 107 දෙනෙකු යුද්ධ හමුදා වර්ණ හිමිකරගැනීමට සුදුසුකම් ලැබීය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය දේශනයේ දී මෙම වර්ණ රාත්‍රියේ දී යුද්ධ හමුදා වර්ණ ලබාගත් ක්‍රීඩකයින් 107 දෙනා ඇතුළු සියලුම ක්‍රීඩකයින් පෙන්වා ඇති කුසලතාවයන් ඇගයිමට ලක් කල අතර, දේශනය අවසානයේ දී දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය විජයබාහු රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ සැරයන් එච්.කේ.සී.එස්. හෙට්ටිආරච්චි වෙත පිරිනැමීම ද එතුමන් අතින් සිදුවිය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ විසින් ස්තුතියි කථාව සිදු කල අතර, සංගීත කණ්ඩායමේ දේශාභිමානීය වාදනයන් අවසානයේ ජාතික ගීය ගායනා කරමින් උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම වර්ණ රාත්‍රිය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

spy offers | Nike Shoes