Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2019 12:07:10 Hours

වැලිඔය ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

හංවැල්ල ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව වැලිඔය කල්‍යානිපුර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන් 135 දෙනෙකුට අවශ්‍ය පාවහන්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් සිකුරාදා (11) දින එම පාසල් පරිශ්‍රයේ පැවැති උත්සවයකදී බෙදාදෙන ලදී.

621 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු ද සමඟින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ සහභාගි වූහ.

මෙම වැඩසටහන 62 වන සේනාංක මූලස්ථානයේ උපදෙස් මත 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ඒ.ඩි.එස්.එස්. රණවීර ගේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ.buy footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ