Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:40:35 Hours

වන්නි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් තවත් පාසල් උපකරණ තොගයක් බෙදාදෙයි

රාජකීය විද්‍යාලයීය සංගමයේ සාමාජිකයින් විසින් අඛණ්ඩව දියත් කරන ලද ‘EDEX නැණ පහන’ සමාජ සත්කාරක වගකීම් ව්‍යාපෘති මාලාවේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා නොමිලේ අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යුතුව නොවැම්බර් මස 23 සහ 24 දිනයන් හිදී පැවැත්විණි.

ඒ අනුව, මෙම උත්සවයන්හිදි කලුකුන්නමඩුව විද්‍යාලය, වාහල්කඩ ඩී- 05 විද්‍යාලය, පදවිය ඩි- 10 මෛත්‍රි විද්‍යාලය සහ ජයන්තිවැව මහා විද්‍යාලයන්හි තෝරාගත් පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.

ග්‍රාමීය පවුලවල ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයකට අනුව ‘EDEX නැණ පහන’ නියෝජනය කරන කොළඹ රාජකීය විද්‍යාල සංගමයේ සාමාජිකයින් අඛණ්ඩව දියත් කරුණු ලැබු තුන්වන සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසහන පවත්වනු ලැබීය.

තලුතුන්නමඩුව විද්‍යාලයේ පැවැත්වුණු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ගේ අධීක්‍ෂණය යටතේ 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජි.ටී.ඩි. රත්නසේකර ගේ මඟපෙන්වීම මත 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර අනෙකුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් විසින් සම්බන්ධිකරණය කරනු ලැබීය.

දුෂ්කර ප්‍රදේශවල සිදුකරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන් සඳහා EDEX නැණ පහන ව්‍යාපෘතිය නියෝජනය කරමින් කොළඹ රාජකීය විද්‍යාලයේ සාමාජිකයෙකු වන රමිත් පෙරේරා මහතා සහභාගි විය.

තවද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ. Sportswear free shipping | New Releases Nike