Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:11:14 Hours

වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය රජරට දී

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 සහ 62 වන සේනාංක මෙන්ම උතුරු මැද ඉදිරි නඩත්තු පෙ‍ෙදසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමජිකයින්ගේ ‘නවෝත්පාදන ප්‍රදර්ශනය - 2018’ජූනි මස 7 සහ 8 දිනයන් හිදි 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙම ප්‍රදර්ශනය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ සැඟවුණු නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලෙස අරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් පවත්වනුලබන අතර නව නිමැවුම් 38 කින් වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය සමන්විත විය.

මෙම ප්‍රදර්ශනයේ පළමු දිනය උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත විසින් විවෘත කරනු ලැබීය.

මෙම ප්‍රදර්ශනයේ දී විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මඩුල්ලකගේ විනිශ්චය මත නව නිමැවුම් 38 ක් අතරින් හොඳම නවෝත්පාදන තුන සඳහා තෑගි සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

ඒ අනුව, ප්‍රථම ස්ථානය විදුලි අලි වැටක්(Electric Fence to prevent Elephants) නිර්මාණය කල 17 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ඩබ්ලිව්.බි.ජි.සී.ඩි. රත්නායක විසින් හිමිකරගත් අතර, දෙවන සහ තෙවන ස්ථානය පිළිවෙලින් බහුකාර්ය ලෝහ නමන යන්ත්‍රය (Multipurpose Iron Bending Machine) නිර්මාණය කල 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබල බි.ජි. උදය කුමාර සහ ස්වයංක්‍රීය බියුගලය (Automatic Bugle) නිර්මාණය කල 15 වන ගැමුණු හේවා බළඇණියේ ලාන්ස් කෝප්‍රල් යු.ජි.ඩබ්ලිව්.එම්.ඩි.බි. ජයතිලක විසින් හිමිකරගත්හ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් සිල්වා ගේ මඟපෙන්වීමෙන් 212 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය ඇතිව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීය.

මෙම ප්‍රදර්ශනය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.

Authentic Nike Sneakers | GOLF NIKE SHOES