Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2018 15:45:14 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් බැතිමතුන් සමඟ ‘දීපවාලි’ උත්සවය සඳහා එක්වෙයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වවුනියාව, දමිළ ප්‍රජාවේ සාමාජිකයින් සමඟ එක්ව දීපවාලි උත්සවයට සමගාමීව විශේෂ හින්දු පූජාවක් වවුනියාව, ශ්‍රී කන්දසාමී කෝවිලේ දී අඟහරුවාදා (06) දින පවත්වනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ අධීක්‍ෂණය යටතේ කෝවිලේ පූජකවරුන් සමඟ සම්බන්ධතාවයෙන් මෙම විශේෂ පූජාව සංවිධානය කරනු ලැබීය. ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම ආගමික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර වවුනියාව දිස්ත්‍රික් ලේකම් මොහොමඩ් හනිෆ් මහතා ගෞරවනීය ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම ආගමික උත්සවය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න, වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම්, ටී. තිරේෂ් කුමාර මහතා, උතුරු මැද නාවික ආඥාපති කපිතාන් අශෝක විජේසිරිවර්ධන, වවුනියාව දිස්ත්‍රික් පොලිස් අධිකාරි ශාන්ත තෙන්නකොන් මහතා, 56 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ වවුනියාව ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හින්දු බැතිමතුන් සමඟ මෙම පූජාව සඳහා එක්විය. Authentic Nike Sneakers | Gifts for Runners