Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2018 09:24:38 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් නව පෙර පාසල් 02 ක් ඉදිකරයි

හේමාස් අවුට්රීච් පදනමේ (Hemas Outreach Foundation) මුල්‍යාධාර යටතේ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කයන් හි පෙර පාසල් 02 ක ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා එක්ව හේමාස් සමුහ ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පියවර’ සමාජ සත්කාරක ව්‍යාපෘතියට සමඟාමිව කුඩා ළමුන් සඳහා යෝග්‍ය වු පෙර පාසල් දිවයින පුරා ඉදිකරනු ලබන අතර මේ වන විට ඉදිකර ඇති පෙර පාසල් 44 ක 3500 කට වැඩි කුඩා ළමුන් පිරිසක් අධ්‍යාපනය හදාරනු ලබයි.

හේමාස් අවුට්රීච් පදනමේ (Hemas Outreach Foundation) ‘පියවර’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය මගින් මරදමඩුව සහ දිවිය උඩ බැන්ද වැව යන ප්‍රදේශ‍යන්හි ජිවත්වන ජන වර්ග 03 කට අයත් ජනතාවගේ දුෂ්කරතාවයන් පිළිබඳව හඳුනාගැනිමෙන් අනතුරුව එම ප්‍රදේශයන් හි දිගුකාලීන අ‍වශ්‍යතාවයක්ව පැවති මෙම පෙර පාසල් 02 ඉදිකිරිම සඳහා අදාල මුල්‍ය අනුග්‍රහය ලබාදෙන ලද අතර ඒ අනුව මරද මඩුව ‘රන් තරු’ පෙර පාසලටත්, දිවිය උඩ බැන්ද වැව ‘එකමුතු’ පෙර පාසලටත් මුල්ගල තැබිම සඳුදා (19) දින සිදුකරන ලදී.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාංශයේ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ‘පියවර’ ව්‍යාපෘතිය මගින් ගඩොලින් සහ සිමෙන්ති බදාමයෙන් ඔබ්බට ගොස් පුර්ව ළමාවිය සංවර්ධනය සඳහා අංගසම්පුර්ණ ප්‍රවේශයක් ලබා දෙමින් ගුරු පුහුණු වැඩසටහන්, දෙමාපියන් දැනුවත්කිරිමේ වැඩසටහන් මෙන්ම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් මගින් වාර්ෂිකව බොහෝ පහසුකම් සපයනු ඇත.

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සංහිදියා ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මෙම මහගු අවස්ථාව හා සම්බන්ධ වෙමින් ඉදිකිරිමට නියමිත මෙම පෙර පාසල් 02 ඇතුළුව තවත් පෙර පාසල් 04 ක් සහ ප්‍රාථමික විද්‍යාල 01 ක් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරිමට නියමිතය.

මෙම මුල්ගල තැබිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වු අතර හේමාස් සමුහ ව්‍යාපාරය නියෝජනය කරමින් හේමාස් සමුහ ව්‍යාපාරයේ සමුහ කළමණාකාර සහ හේමාස් අවුට්රීච් පදනමේ (Hemas Outreach Foundation) සභාපති අබ්බාස් ඉසුෆාලි මහතා (Mr. Abbas Esufally), හේමාස් අවුට්රීච් පදනමේ (Hemas Outreach Foundation) විධායක අධ්‍යක්‍ෂ, සන්නිවේදන සහ තිරසර සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරි ශිරෝමි මාසකෝරාල මහත්මිය ද එක්ව සිටියහ. එමෙන්ම මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, 21 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාංක සහ ඒකකයන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශවාසින් රැසක් ද සහභාගි වුහ.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් මෙම ඉදිකිරිම් ව්‍යාපෘතියේ ප්‍රගතිය අධික්‍ෂණය කරනු ලබන අතර 212 බල‍සේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා සහ 213 බල‍සේනාංකයේ බලසේනාධිපති කර්නල් සුදත් රත්නායක වෙත මෙහි ඉදිකිරිම් කටයුතු සම්බන්ධ වගකිම් පැවරි ඇත.

Nike shoes | Air Jordan Release Dates Calendar