Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2019 21:46:59 Hours

වන්දනා චාරිකාවක් සඳහා 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් එක්වෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව වවුනියාව ප්‍රදේශයේ පිහිටි 61 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 77 ක සමාජිකයින් 300 ක පමණ පිරිසක් සඳහා ජනවාරි මස 17 දින සිට 20 දින දක්වා වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී.

සුභසාධක කටයුතු පුළුල් කිරීමේ අරමුණු ඇතුව සංවිධානය කෙරුණු මෙම චාරිකාව යටතේ, එම පවුල්වල සාමාජිකයින් හට අනුරාධපුරය, මන්නාරම, තලෙයි මන්නාරම, පේසාලෙ, මිහින්තලය, තන්තිරිමලේ සහ මඩු යන ප්‍රදේශයන්හි ඵෙතිහාසික සහ සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන නැරඹීමට හා පූජනීය ස්ථාන වැදපුදා ගැනීමට අවස්ථාව හිමිවිය.

තවද මෙම විනෝද චාරිකාව සඳහා සහභාගි වූවන්ට නවාතැන් පහසුකම්, ආහාරපාන, ප්‍රවාහන, වෛද්‍ය ආධාර සහ මාර්ගෝපදේශනය ඇතුළු අවශ්‍ය සියලුම පහසුකම් යුද්ධ හමුදාවේ දායකත්වයෙන් සපයන ලද අතර චාරිකාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම චාරිකාව 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න ගේ සහ 611 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ඩි.එස්.එස්. ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී. latest Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos