Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2016 19:49:18 Hours

වඩමාරච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය අතර පාපන්දු තරගාවලිය වැලිවැටිතුරේදී

සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර හොදහිත, සහජීවනය සහ සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වඩමාරච්චි පාපන්දු කණ්ඩායම සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කණ්ඩායම අතර ප්‍ර‍දර්ශණාත්මක පාපන්දු තරඟයක් සෙනසුරාදා (4) දින වැල්වැටිතුරෙයි පාපන්දු ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ යෝජනාවක් මත ක්‍රීඩා කුසලතා සහ සංහිදියාව ඇති කිරීමේ අදිටනින් පැවති තවත් එක් ප්‍ර‍දර්ශණාත්මක පාපන්දු තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. සුහද පාපන්දු තරඟාවලිය අවසානයේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සඳහා කුසලාන සහ සහතික පත් ප්‍ර‍දානය කරනු ලැබීය. Adidas footwear | Men’s shoes