Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2018 13:50:26 Hours

රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ නව මධ්‍යස්ථානයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී විවෘත කෙරේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන බලඇණිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ අංශය 2018 ජනවාරි මස 08 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා රථ වාහන නඩත්තු කටයුතු වෙනුවෙන් රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ අංශයක් ස්ථානගත කිරීම කළක සිට පැවති අවශ්‍යතාවයක් විය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වූ හමුදා වාහන මීට පෙර මෙවැනි රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ අංශයක් ආරක්ෂක අංශවලට නොමැතිවීම හේතුවෙන් වව්නියාව සහ අනුරාධපුර අවට පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහ අනෙකුත් කාර්මිකයන් වෙතින් එම සේවා කටයුතු ඉටු කර ගැනීමට සිදු වී තිබුණි.

නව රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ අංශය ස්ථාපිත කිරිම හේතුවෙන් ආරක්ෂක හමුදා රථ වාහන නඩත්තු කටයුතු වෙනුවෙන් වැය කළ විශාල මුදලක් මේ අනුව ඉතිරි කිරීමට හැකි වනු ඇත.

තවද, මෙම අංශය සඳහා අවශ්‍ය උපකරණ යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවෙන් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය හරහා මිළදි ගන්නා ලදි.

url clone | Nike Shoes