Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2016 14:06:05 Hours

රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි II අදියර යටතේ තවත් නිවාස 51 ඉදි කෙරේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මේ වන විට රෙජිමේන්තු 21 ක් විසින් ඉදි කරගෙන යනු ලබන අතර, එම නිවාස නුදුරේ දීම රණවිරු පවුල් වෙත ලබාදීමට නියමිතය. නිවාස ව්‍යාපෘතියෙහි II අදියර යටතේ ඉදිවෙන මෙම නිවාස 51 ක් ඉදිරි සති කිහිපය තුල දී වැඩ නිම කොට 2016 මාර්තු මස දේශය වෙනුවෙන් දිවිපිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල් වෙත ලබාදීමට නියමිතය. මෙහි එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 1.5 ක් වන අතර, එම මුදලින් 66% ක වටිනාකම සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ ඉතිරි මුදල් ඒ ඒ රෙජිමේන්තුවලින් ලබා දෙනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි II අදියර යටතේ නිවාස ඉදිකිරීම් කටයුතු නිවාසලාභීන්ගේ අභිමතය පරිදි හා නිවාස සැළසුම් කිරීමේ ගැටළු නිරාකරණය කිරීමෙන් පසු පසුගියදා ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි 11 වන අදියරේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බල ඇණිය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය, ශ්‍රී ලංකා රයිෆල් බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි විරුවන් ප්‍රතිලාභ ලැබීමට නියමිතය. යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව 2009 වර්ෂයේ මැයි මස දක්වා සැබෑ ශ්‍රී ලාංකික පුතුන් ලෙස දේශය වෙනුවෙන් සටන් වැද සාමය ලබා ගැනීමට දිවි පිදූ රණවිරුවන් සහ රණක්ෂිතයට පත් වු විරු පවුල් සඳහා කෘතගුණ සැළකීමක් වශයෙන් එම අරබයා වූ නව නිවාස ව්‍යාපෘතිය මෙම වසර මුල් භාගයේ දී ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි I අදියර යටතේ 2015 ඔක්තොබර් මස 12 වන දින රෙජිමේන්තු 18 ක් විසින් ඉදි කරනු ලැබූ නව නිවාස 35 යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් විරු අයිතියට පත් කරනු ලැබීය.Sportswear free shipping | Nike Shoes