Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2018 13:12:05 Hours

රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් මහනුවරට පැමිණෙති

මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ සිදුවීමෙන් අනතුරුව සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව වෙන් වෙන් වශයෙන් සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන පක්ෂ ප්‍රධානීන් කිහිපදෙනෙක් සහ කථානායකතුමා ඇතළු නියෝජිත පිරිසක් අද (10) දින උදෑසන මහනුවර ප්‍රදේශයට පැමිණෙන ලදි.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගන ප්‍රදේශය වෙත පැමිණි අවස්ථාවට අමාත්‍යවරුන් රැසක් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යතුමා ඇතුළු නියෝජිත පිරිස මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑමක් සිදුවූ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව සිංහල හා මුස්ලිම් නායකයන් මෙන්ම ආගමික පූජකවරුන් ද හමුවිය.

මේ අතර, කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන නායකයින් පිරිසක් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව අදාළ බලධාරීන් සහ ආගමික ප්‍රභූන් සමග සාකච්ඡාවක් ද පැවැත්විය.

දහවල් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් විශේෂ රැස්වීමක් ද පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

තවද, එහිදි බලධාරීන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දිගන පළාත් ක්‍රීඩා සංකීර්ණය නැරඹීමට ද එක්විය.

Nike footwear | Sneakers