Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2018 16:05:26 Hours

රග්බි ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බි ක්‍රිඩකයින් හට පැසසුම්

යුද්ධ හමුදා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් 7 වැනි වරටත් අන්තර් රෙජිමේන්තු රග්බී ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සමත් වු අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සියළුම ක්‍රීඩකයන් සහ සියළුම සාමාජිකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බී ක්‍රිඩකයන්ගේ දක්‍ෂතා අගය කරමින් රග්බී ක්‍රීඩකයින් 25 දෙනෙකු හට රග්බී පාවහන් සහ ක්‍රීඩා ඇදුම් කට්ටල බෙදාදීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර් පලිහක්කාර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (04) දින සන්ධ්‍යාවේදී එම රෙජිමේන්තු මුලස්ථානයේ දී පැවති අතර එතුමන් විසින් රග්බී ක්‍රීඩකයින් වෙත සිය සුභාෂිංසන ද එක් කරන ලදී.

මෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මිටර 110 කඩුළු මතින් පැන දිවීමේ ඉසව්වේ ශූර සහ එම ඉසව්වේ ජාතික ශ්‍රේණිගත කිරිමේ 2 වන ස්ථානයේ පසුවන 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් කේ.ඩබ්ලිව්.එස් රන්දෙව් හට 2018 ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලිය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වු දකුණු ආසියානු සංගමය හෙවත් ‘සාර්ක්’ සංවිධානයේ ‘සාර්ක්’ ක්‍රීඩා උළෙල සඳහා තෝරාගැනිමේ තරඟ ඉසව්ව සඳහා සහභාගිවීමට අවැසි රු. 25,000/= ක් වටිනා ක්‍රීඩා සපත්තු යුගලක් ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චානක වේරගොඩ, රෙජිමේන්තු රග්බී කණ්ඩායම භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ (වැටුප් හා ලේඛණ) ලුතිතන් කර්නල් නලින් ද සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බී කණ්ඩායම භාර නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් ඩී.ජී.ජේ. බන්දුල සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වුහ.Adidas shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE