Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2018 16:50:29 Hours

යොවුන් ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් රන් පදක්කම්ලාභී ක්‍රීඩීකාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභ පැතුම්

ආජන්ටිනාවේදි සැප්තැම්බර් මස 2 සිට 18 දක්වා පැවති යොවුන් ඔලිම්පික් බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ හසිනි නුශාකා අම්බලන්ගොඩගේ, ප්‍රථම වරට යොවුන් බැඩ්මින්ටන් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව ලෙස බ්‍රහස්පතින්දා (1) දින සවස යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යොවුන් ඔලිම්පික් බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා රටවල් 32 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම ක්‍රීඩිකාව අවසන් තරඟාවලියේ දී රටවල් පහක් සමඟ තරඟ වැදි මෙම රන් පදක්කම දිනාගනු ලැබීය.

විදේශීය තරඟාවලින් සඳහා සහභාගීවීමෙහිලා අභියෝගයන් රැසකට මුහුණදි සිටි මෙම ක්‍රීඩිකාව සඳහා එම අභියෝගයන් ජය ගැනිමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය තුළින් ඇය හට එම තරග සඳහා අවස්ථාව සලසාදෙනු ලැබීය.

රන් පදක්කම්ලාභි හසිනි නුශාකා අම්බලන්ගොඩගේ, කොලඹ විශාඛා විද්‍යාලයේ අභිමානවත් ශිෂ්‍යාවක් වන අතර ඇය පාසල් මට්ටමෙන් පැවති තරගාවලීන්හීදි විශිෂ්ඨ දස්කම් දක්වා ඇති අතර එම ක්‍රීඩිකාව සහාභාගිවු මෙම තරගාවලියෙන් රන් පදක්කම දිනාගැනීමට සමත්ව ඇත.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් මෙම රන් පදක්කම්ලාභි ක්‍රීඩිකාව සමඟ කෙටි සංවාදයක නිරතවු අතර ඇයගේ ජයග්‍රහණය අගයමින් විශේෂ සුභපැතුම් එක්කලහ.

තවද මෙම ක්‍රීඩිකාවගේ අනාගත ඉගෙනීම් කටයුතු සදහා මෙන්ම ක්‍රීඩා කටයුතු සදහාද තවදුරටත් අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලබන බව එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.Sports Shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men