Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 09:03:16 Hours

යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ඉස්ලාමීය ආශිර්වාදය හිමිවේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ප්‍රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින් එළැඹෙන 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් අගහරුවාදා (04) පෙරවරුවේ කොළඹ 03 ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික ආශිර්වාදය ලබාගන්නා ලදි.

අනතුරුව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පිවිසුම අභියස දී යුද හමුදාපතිතුමා ඇතුළු පිරිස පිළිගෙන දේවස්ථානය වෙත කැඳවා ගෙන යනු ලැබුවේ ප්‍රධාන පූජක ඉමාම් මවුලවිතුමා,ඒ.බි. රිස්වාන් අල් හෂ්මි සහ මවුලවි මහීර් පි.ඩි. රන්දි විසිනි. ඉස්ලාමිය ආගමික සම්ප්‍රදායන්ට අනුව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව ආගමික වතාවත් ආරම්භ කෙරිනි. ඉන්පසු ප්‍රධාන පුජකතුමා පිළිගැනීමේ කථාව සිදු කරමින් මෙම උත්සවයේ ඇති වැදගත්කම පැහැදිලි කරන ලදි.

67 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ඉස්ලාමීය චාරිත්‍රානුකූලව යුද හමුදා ධජයන්ට සහ යුද හමුදාවට රටෙහි අභිවෘද්ධිය උදෙසා කරනු ලබන සේවය වෙනුවෙන් ආශිර්වාද පුද කරන ලදී. පුජක ඉමාම් මවුලවිතුමන්, පුජක ඒ.බි. රිස්වාන් අල් හෂ්මි සමගින් මවුලවිවරුන් කිහිප දෙනෙකු විසින් මෙම ආශිර්වාද පූජාව සිදු කරනු ලැබීය.

යුද හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්.එච්.එෆ් යුසුෆ් ඇතුළු එම සංගමයේ සාමාජිකයින් විසින් මෙම අවස්ථාව සංවිධානය කළ අතර, ඊට යුද හමුදාවේ සේවය කරනු ලබන මුස්ලිම් සාමාජිකයින් සහ සිවිල් ජනතාව ද එක්වූහ.

එහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ආගමික උත්සවය අවසානයේ හොද හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව කොල්ලුපිටිය ජුම්මා පල්ලියෙහි භාරකාර මණ්ඩලයේ සභාපති අල්හාජ් එම් කලීල් මොහානිස් හට සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, කොල්ලුපිටිය ජුම්මා පල්ලියෙහි භාරකාර මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අල්හාජ් මුස්ලිම් සලහවුදීන් යුද හමුදාපතිතුමා වෙත ද සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදි.

අද දින පැවති ආගමික උත්සවය 67 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් ධජයන්ට සෙත් පැතීම වෙනුවෙන් සංවිධානය කරන ලද තෙවන උත්සවය වන අතර, මීට පෙර මහනුවර දළදා මාළිගාවේ සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී ආගමික උතසවයන් සංවිධානය කරන ලදී .

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ‍සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Running Sneakers | Asics Onitsuka Tiger