Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 08:48:06 Hours

යුද හමුදා සංවත්සරයට විශේෂ ‘අභිෂේකම්’ පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී බදාදා (5) දින පැවැත්විනි.

යුද හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද හමුදා ධජය ආශිර්වාද ගැන්විම උදෙසා කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගැන්වීය.

ප්‍රධාන පූජකතුමා (කුරුක්කල්) විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව යුද හමුදාවට ආශිර්වාද පතා පූජාව සිදු කළ අතර, ඒ සඳහා දස දෙනෙකුගෙන් යුත් හින්දු පූජකවරුන් කණ්ඩායමක් සහභාගි විය.

දීර්ඝ කාලයක සිට යුද හමුදාව සමඟ එක්ව කටයුතු කරන මෙම කෝවිලේ අභිවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාපතිතුමා විසින් මූල්‍යමය ආධාර පිරිනැමීම ද එහිදි සිදු කෙරිනි.

යුද හමුදා හින්දු සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම ඵෙතිහාසික හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් ජයසන්කර් තුමා ආගමික චාරිත්‍ර ඉටු කළ අතර, මෙම අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, යුද හමුදා හින්දු සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වූහ.

67 වන යුද හමුදා සංවත්සරයට සහ යුද හමුදා දිනයට සමගාමීව පසුගිය බදාදා (28) දින ඵෙතිහාසික දළදා මාලිගාවේ දී ගිලන්පස පූජාවක්, සංඝයා වහන්සේ උදෙසා දන් පිරිනැමීමක් ද සිදු කරන ලදි. එමෙන්ම මීට ප්‍රථම මහනුවර දී මෙන්ම අනුරාධපුරේදීත් පිරිත් සඡ්ඡායනාවක් සහ යුද හමුදා ධජයන්ට සහ යුද හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිනි.

Running Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes