Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2017 12:09:18 Hours

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් ඇස්කණ්ණාඩි බෙදාදීම දෙවන වරටත්

සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර, රාජාංගනය යාය 08 ප්‍රදේශයේ පදිංචි ජනතාව ආවරණය වන පරිදි බදාදා (05) දින කලාඔය, ගැමුණු සමිති ශාලාවේ දී පවත්වන ලදි.

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.ටි. හත්නාගොඩගේ සම්බන්ධිකරණයෙන් කැන්ඩි දෘෂ්ඨි විශේෂඥයෝ පුද්ගලික සමාගමේ (Kandy Opticals (Pvt) Ltd) වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු එම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ මෙම ජංගම අක්ෂි සායනයේ දී අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් 30 දෙනෙකු වෙත සංකේතාත්මකව ඇස්කණ්ණාඩි බෙදාදුන් අතර, දිනය පූරා බෙදාදුන් ඇස්කණ්ණාඩි සංඛ්‍යාව 282 ක් වේ.

මෙම අවස්ථාව සඳහා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන නිලධාරි, රාජාංගනය පොලිස් ස්ථානාධිපති සහ අදාල ප්‍රදේශයන්හි ග්‍රාම සේවා නිලධාරීන්, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද හමුදා නිලධාරීන් සහ කැන්ඩි දෘෂ්ඨි විශේෂඥයෝ පුද්ගලික සමාගමේ නිලධාරින් ද එක්ව සිටියහ.

Sports Shoes | Nike Air Max 270