Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2016 08:18:12 Hours

යුද හමුදා පැරා ක්‍රීඩා උළලේ දී නව තරඟ වාර්තා

යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 මේ දිනවල දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එහිදි යගුලිය විසිකිරී, උස පැනීම, දුර පැනීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීමේ හා මීටර් 200 තරඟ ඉසව්ව ආදි තරඟ ඉසව් තුලින් නව තරඟ වාර්තා බිහිකිරීමට සමත්විය.

එම නව තරඟ වාර්තා පිළිබඳ පහතින් දැක්වේ :

සෙ/320328 සැරයන් ඩබ්.එම්.පි. ජයලත් - ශ්‍රීලපාහ - මිටර් 10.49 - F 44(A) යගුලිය විසිකිරීම

සෙ/508669 බලලත් නිලධාරී I ජේ.ජේ. ජයතිලක - විපාරෙ මිටර් 7.91 - F 11 යගුලිය විසිකිරීම

සෙ/193749 සාමාන්‍ය සෙබල ඩබ්. අමිල ප්‍රසාන් - ශ්‍රීලපාහ - මිටර් 1.63 - F 42 උස පැනීම

සෙ/ CDO0554976 ලාන්ස් කෝප්‍රල් සි.එන්.බි. ඉන්ද්‍රපාල - කමාන්ඩෝ රෙජිමේන්තුව - මිටර් 5.43 - T 42 දුර පැනීම

සෙ/ 469822 සැරයන් එච්.එම්.ඩි.පි. හේරත් - ගජබා රෙජිමේන්තුව - මිටර් 57.74 - F 46/47 හෙල්ල විසිකිරීම

සෙ/513799 සැරයන් එච්.ඒ.සි.එස්. හෙට්ටිආරච්චි - විපාරෙ - මිටර් 49.88 - F 44 හෙල්ල විසිකිරීම

සෙ/316622 සැරයන් එන්.එච්. අනුර දිනේෂ් - ශ්‍රීලපාහ - මිටර් 30 - T 11 උස පැනීම

සෙ/6Q100089 සාමාන්‍ය සෙබල එච්. බණ්ඩාර - ශ්‍රීලංජාආබමු - මීටර් 34.90 - F 42 කවපෙත්ත විසිකිරීම

සෙ/324638 කෝප්‍රල් ටි.එච්.ඒ.එස්. තිලකරත්න - විශේෂ බලකාය - තත්පර 24.9 - T 46 (A) මිටර් 200 තරඟ ඉසව්ව

සෙ/ 313049 කෝප්‍රල් එස්.බි. මදුරව - ශ්‍රීලපාහ මිටර් 33.90 - F 57/58 කවපෙත්ත විසිකිරීම

මෙම වසරේ යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල සඳහා ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 ක් පමණ සහභාගි වූ අතර මෙම තරඟාවලිය 1991 වසරේ දී යුද හමුදාවේ ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවිමේ අරමුණින් ආරම්භ කරන ලදි.

මෙහි දෙවන දිනය එනම් අද (13/ බ්‍රහස්පතින්දා) උදෑසන වන විට මලල ක්‍රීඩා තරඟ ඉසව් 56 ක් පවත්වන ලදි.

affiliate tracking url | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger