Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2016 09:38:30 Hours

යුද හමුදා ඉංජිනේරුවන් තවත් ජාතික ඉදිකිරිම් කාර්යයක

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ඔවුන්ටම අනන්‍ය වූ දක්ෂතාවයන් නැවත වරක් පෙන්නුම් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මහනුවර මහරෝහල සඳහා මහල් 06 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන ලදි.

යුද හමුදාපතිගේ මඟපෙන්විමෙන් මෙම ව්‍යාපෘතිය 2016 සැප්තැම්බර් මස 13 වන දින ආරම්භ කර කළ අතර, මහනුවර ප්‍රදේශයේ හා ඒ අවට දිස්ත්‍රික්කයන්හි නිදන්ගත වකුගඩු රෝග වලින් පීඩාවට පත් රෝගීන් දහස් ගණනකගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති වකගඩු රෝගීන් වෙනුවෙන් නේවාසිකාගාරයක් හා රුධිර කාණ්දුකරන ඒකකයක් මෙහිදි ඉදි කරනු ලැබේ.

නිදන්ගත වකගඩු රෝගීන්ගේ යහපත වෙනුවෙන් කරනු ලබන ජාතික කාර්යයක් ලෙස යුද හමුදා 172 වන ඉංජිනේරු සේවා බලඝණය යටතේ 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් පූර්ණ ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ලබාදෙනු ලැබේ.

ජනාධිපති වකගඩු රෝග නිවාරන කාර්ය සාධන බලකායේ සංකල්පයක් අනුව ආරම්භ කළ ඉදිකිරීම් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙතින් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා ඉදිකිරිම් නිරික්ෂණය යුද හමුදා ඉංජිනේරුවන්ගේ ද සහාය ඇතිව මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය වෙතින් සිදු කරනු ලබයි.

Sports Shoes | New Balance 991 Footwear