Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2019 13:30:33 Hours

යුද්ධ හමුදා සෙබලෙකුගේ ගිනි අවිය උදුරාගැනිමට තැත් කළ පුද්ගලයෙකු වෙඩි වැදී ජීවිතක්‍ෂයට

අක්මීමන උපනන්ද විද්‍යාලයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද්ධ හමුදා සෙබලෙකු අත ඇති ගිනි අවිය උදුරාගැනීමට තැත්කල පුද්ගලයෙකුට තම ආත්මාරක්‍ෂාව පතා එම සෙබළා විසින් අද (04) දින උදෑසන වෙඩිතැබීමෙන් එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මූලස්ථානය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන පරිදි, අදාළ සෙබලාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත් කළ කලුතොටගේ ප්‍රදීප් උදයකුමාර නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

තවද, අදාළ පුද්ගලයා මෙකී සෙබලාගේ ගිනි අවිය උදුරාගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය සහ යුද්ධ හමුදා පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය පහත දැක්වේ;

‘අක්මීමන මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්‍ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා භටයන් දෙදෙනෙකු යොදවා සිටි අතර අද (04) දින මධ්‍යහන 12.05 ට පමණ හඳුනා නොගත් පුද්ගලයෙකු අදාළ ආරක්‍ෂක පරික්‍ෂාවන්ට ලක් නොවී එම පාසල් පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලත්වීමට කරන ලද උත්සාහයක් වැළැක්වීමට දරන ලද ප්‍රයත්නයකදී මෙකී පුද්ගලයා විසින් එහි සිටි එක් සෙබලෙකු අත තිබු ගිනි අවිය උදුරාගැනීමට තැත් කර තිබේ. එහිදි, තම ආත්මරක්‍ෂාව පතා මෙකී සෙබලා විසින් එම පුද්ගලයා වෙත වෙඩි තබා ඇති අතර ඉන් බරපතල තුවාල ලැබු තුවාලකරු කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු අක්මීමන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.’ Sportswear free shipping | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov