Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2019 13:36:24 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් රතුපස්වල ප්‍රදේශයේ ළමා නිවාසයක් ඉදිකරයි

ප්‍රදීපා ලක්සෙත පදනමේ සභාපති කැප්පෙට්ටියගොඩ ගුණවංශ නාහිමියන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස 15 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය ඇතිව රතුපස්වල ප්‍රදේශයේ දී ‘රතුපස්වල ළමා නිවාසය’ නමින් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන ලදී.

බුද්ධ මන්දිරයක්, දේශන ශාලාවක්, පරිපාලන කාර්යාලයක්, නාන කාමර 5ක් සහ නිදන කාමර 6 ක්, භෝජනාගාරයක්, මුළුතැන්ගෙයක් හා ගබඩා කාමරයකින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය වසරක් වැනි කෙටිකාලයක් තුළ දී ඉදිකර අවසන් කරන ලදී.

මෙම ගොඩනැගිලි සංකීර්ණය 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී සහ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයක දී පසුගිය දිනක විවෘත කරන ලදී. Nike Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov