Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2019 21:58:33 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘මාර්ෂල් ආර්ට්’ සටන් කලාව පිළිබඳ පුහුණුවක්

ජාත්‍යන්තර මාෂල් ආර්ට් ඇකඩමිය සමඟ සුසංයෝගයෙන් යුතුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන මාර්ෂල් ආර්ට් ආත්මාරක්‍ෂක සටන් පුහුණු වැඩසටහනක් 2019 ජූනි මස 12 වන දින සිට 15 දින දක්වා පුරා තෙදිනක කාළසීමාවක් පැවැත්විණී.

‘මාෂල් ආර්ට්’ සටන් පුහුණු වැඩමුළුවෙන් අනතුරුව පැවති සංදර්ශණය නැරඹීම සඳහා පැමිණ සිටි යුද්ධ හමුදා සාමාජිකයින් උද්දාමයට පත්කරමින් එම සටන් සරඹයන්ට සහභාගී වූ යුද්ධ හමුදා භටපිරිස් ඔවුන්ගේ දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී විය.

මෙම සටන් වැඩමුළුව මෙහෙයවමින් ක්‍රීඩකයින් පුහුණු කිරීම අන්තර්ජාතික සටන් කලා ඇකඩමියේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන සටන්කලා උපදේශක, ප්‍රජලිත පුෂ්ප කුමාර මහතා විසින් සිදු කරන ලදී. Nike footwear | Nike for Men