Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2019 12:52:00 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද සඳුදා (14) දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිමල් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද නව ධූරයේ රාජාකාරී ඇරඹීය.

නව උපකරණ මාස්ටර් ජෙනරාල් තුමන්, කොළඹ 02 පිහිටි ශ්‍රී ඥාණවර්ධනාරම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බදුල්ලේ ජිනරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවේ ආශීර්වාද මධ්‍යයේ සිය කාර්යාලයේ දී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් සී.එම්.ඩි.පී. චන්ද්‍රසේකර, බ්‍රිගේඩියර්වරුන්, උපකරණ මාස්ටර් ජෙනරාල් කාර්යාලය යටතේ සේවයේ නියුතු අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද සිය ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස රාජකාරී කරන ලදී. තවද එතුමන් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක තනතුර ඇතුළු උසස් තනතුරු බොහෝමයක් හොබවා ඇත.Asics shoes | Nike Air Max 270