Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2018 13:15:49 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බ්‍රහස්පතින්දා (08) දින සිය කාර්යාලයේ පැවති උත්සවයක දී රාජකාරි අරඹනු ලැබීය.

නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික තුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදු කරමින් ආශීර්වාද එක් කිරීම සඳහා මහා සංඝරත්නය වෙත දෑහැත් වට්ටියක් පිරිනමා සිය කාර්යාලයට ආරාධනා කරනු ලැබීය.

නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික තුමන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගත් අතර අනතුරුව සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දල්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික යටතේ ස්ථාපිත සියලු අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂවරුන් සහභාගි වූහ.

නව ධූරයේ රාජකාරි භාරගැනිමට ප්‍රථම මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබීය.

මේ වනවිටත් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ධූරය හොබවනු ලබයි. එතුමන් 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ලෙසද කටයුතු කර ඇත. මෑතකදි පැවැති දියකාවා යුද අභ්‍යාසය - 2018 හි අභ්‍යාස අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළහ. වර්ෂ 1985 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ මේජර් ජෙනරාල් රණවන ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. url clone | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5