Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2018 22:33:39 Hours

යුද්ධ හමුදා භට පිරිස් තෙල් කාන්දුවීමෙන් අපවිත්‍ර වු මුතුරාජවෙල මුහුදු තීරය පිරිසිදු කිරිමේ කටයුතුවල

උතුරු කොළඹ, මුතුරාජවෙල මුහුදු වෙරළ තීරයේ තෙල් කාන්දුවීමක් හේතුවෙන් එම වෙරළ තීරය අපවිත්‍ර වී ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් යුද්ධ හමුදා භට පිරිස් අද (9) දින දහවල් වන විටත් අපවිත්‍ර වු වෙරළ තීරය පිරිසිදු කිරිමේ කටයුතු වල නියැලී සිටි.

මෙම මුහුදු තීරයේ කාන්දුවීමකින් තැන්පත් වු තෙල් තට්ටු ඉවත් කිරිම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදී.

මෙම හදිසි අවස්ථාව සඳහා නිලධාරි 3 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයන් 58 දෙනෙකු සහභාගි වු අතර ඔවුන් තෙල් කාන්දුවීමෙන් අපවිත්‍ර වු මෙම මුහුදු ජලය, වෙරළ තීරය සහ පරිසරය පිරිසිදු කිරිමේ කාර්යයේ නිරත වී සිටී.

මෙසේ වෙරළ අපවිත්‍රවීමට හේතුව මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙනයන නලයක සිදු වූ කාන්දුවක් බව තහවුරු වී ඇත. Sportswear Design | Air Jordan Release Dates Calendar