Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2017 23:20:42 Hours

යුද්ධ හමුදා බර ඉසිලීමේ ශූරයා පස්වන පොදු රාජ්‍ය මණ්ඩලිය බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ දස්කම් දක්වයි

අප්‍රිකාවේ ගිණිකොණ පිහිටි පෝට්ච්ස්රූම් (Potchefstroom) හී 2017 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ කිලෝග්‍රැම් 83 (83 kg) බර පන්තියේ තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ කේ.කේ.එච්. දිල්හාර රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනාගනීමින් තම දස්කම් දැක්වුහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය මත ජාතික කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ සංගමය (National Federation of Body-Building, Weightlifting and Power-Lifting) විසින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ කමිටුවේ සම්බන්ධතාවයෙන් දකුණු අප්‍රිකාවේ පැවති මෙම ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබල කේ.කේ.එච්. දිල්හාර තෝරාගෙන තිබුණි.

සාමාන්‍ය සෙබල කේ.කේ.එච්. දිල්හාර මෙම ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ දී කිලෝග්‍රැම් 83 (83 kg) බර පන්තියේ රන් පදක්කමක්, හෙවිවේට් (Scot System) බර පන්තියේ රන් පදක්කමක්, ඩෙට්ඩ්ලිෆ්ට් (Deadlift System) හී රිදී පදක්කමක් සහ සමස්ත ශුරතා තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ අංශයේ ලෝකඩ පදක්කමත් දිනාගැනීමට සමත් වුහ.

සමාන්‍ය සෙබළ කේ.කේ.එච්. දිල්හාර ගේ ජයග්‍රහණයට සුභ පැතිම සඳහා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින් ද එහි පැමිණ සිටි ශ්‍රී ලංකා ප්‍රජාවගෙන් කිහිපදෙනෙකු ද එක්වන ලදී.

Running sport media | Marki