11th September 2018 13:59:54 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිෂ්ශංක රණවනගේ උපදෙස් පරිදි 57 වන සේනාංක මුලස්ථානය විසින් සංවිධානය කරන ලද ‘Transitional Justice & Its Global Impact’ යන තේමාව යටතේ දැනුවත් කිරිමේ වැඩසටහනක් සෙනසුරාදා (8) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පවත්වන ලද අතර ඒ සඳහා 57, 65, 66 වන සේනාංකයන් හා ඉදිරි නඩත්තු පෙදෙස හි සේවයේ නියුතු නිලධාරින් 100 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වන ලදී.
මෙම තේමාවට අඳාල සියළු විෂයන් ආවරණය කරමින් බණ්ඩාරණායක ජාත්‍යයන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය දයානි සුමිත්‍රා පනාගොඩ මහත්මිය සහ එම කාර්ය මණ්ඩලය විසින් දේශණ සහාය ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල විජිත රවිප්‍රිය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ. latest Running | FASHION NEWS