Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනි

පොදුරාජ්‍ය මණ්ඩලීය ජූඩෝ තරඟාවලිය නොවැම්බර් මස 4 දින සිට 11 දින දක්වා ඉන්දියාවේ ජයපුර් හිදී පැවැති අතර එහිදි ශ්‍රී ලංකා ජාතික ජූඩෝ කණ්ඩායම නියෝජනය කරන යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව, බළලත් නිලධාරි I කේ.එල්.සී.කේ ලීමගස්තැන්න (කිලෝග්‍රෑම් 60 ට අඩු) සහ සැරයන් එස්.පී.ජි.පී.පී. යසරත්න (කිලෝග්‍රෑම් 81 ට අඩු) බර පන්ති යටතේ රිදී පදක්කම් දිනාගැනීමට සමත්විය.

එමෙන්ම, ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එම්.බී. සෙනෙවිරත්න (කිලෝග්‍රෑම් 60 ට අඩු) සහ කොප්‍රල් ඒ.එච්.එම්. වික්‍රමසිංහ (කිලෝග්‍රෑම් 90ට අඩු) බර පන්ති යටතේ පිරිමි අංශයේ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ කාන්තා සෙබල කේ.එම්.පී.කේ. ලියනගේ (කිලෝග්‍රෑම් 57 ට අඩු) බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.

මෙම ජූඩෝ ක්‍රීඩකයින් යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ ප්‍රධානී බ්‍රිගේඩියර් මාරසිංහ ගේ නිර්දේශය මත ජාතික කණ්ඩායමට ඇතුලත් කරනු ලැබීය. trace affiliate link | Ανδρικά Nike