Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:23:50 Hours

යුද්ධ හමුදා කොමිෂන් නොලත් නිලධාරීන්ට නායකත්ව සංවර්ධන පාඨමාලාවක්

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘නායකත්ව හා වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය’ කිරීමේ පාඨමාලාව පුරා මාස දෙකකට අධික කාලයක් පැවැති අතර පාඨමාලාවේ සමාප්ති උත්සවය සිකුරාදා (30) දින පැවැත්විණි.

කොමිෂන් නොලත් නිලධාරින් 30 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු අතර 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ගැමුණු හේවා බළඇණිය පාඨමාලාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කරනු ලැබීය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවයේ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන්, 58 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 9 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ. Authentic Sneakers | FASHION NEWS