Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2018 18:30:37 Hours

යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය උපයෝගි කර ගනිමින් ‘ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය දායකත්වය ඇතිව දිළිඳු පවුල් දෙකක් සඳහා නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදි.

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් විසින් 224 වන බලසේනාවේ බලසේනාධිපති වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිවාස දෙක ඉදිකරනු ලැබීය.

මෙම නව නිවාස දෙක එම පවුල් වෙත පවරාදීම බ්‍රහස්පතින්දා (13) දින පැවැති කෙටි උත්සවයකින් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පි එදිරිවීර ද සහභාගි විය.

‘ශ්‍රී සිද්ධාර්ධ පදනමේ’ අනුග්‍රහය ඇතිව මාස තුනක කාලයක් තුල දී මෙම නිවාස දෙකෙහි ඉදිකිරීමේ කටයුතු සිදු කළ අතර, එය විවෘත කිරීමේ අවස්ථාව සඳහා තඹලගමුව ප්‍රාදේශීය ලේකම්, 22 වන සේනාංකයේ යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රජා නායකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. spy offers | シューズ