Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2018 18:41:38 Hours

යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා තරු එක වහළක් යටදී හමුවේ

යුද්ධ හමුදා නුතන ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට, අන්තර් රෙජිමේන්තු, ආරක්ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී ඔවුන්ගේ ක්‍රීඩා දස්කම් අගයමින් පවත්වන ලද හමුවකට සහභාගි විය.

මෙහිදි, ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අනුර සුදසිංහ පසුගිය වසරේදි ඔවුන් ලැබු ජයග්‍රහණයන් පිළිබඳව ප්‍රශංසා කරමින් සියලුදෙනා අමතනු ලැබු අතර, නව වසර උදාවත් සමඟ නිකුත් කරන ලද යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවුඩය ද ප්‍රකාශයට පත් කළහ.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් සියලුදෙනා එක වහලක් යටදී හමුවී නුඳුරේදි පැවැත්වීමට නියමිත ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියන්හිදි වඩාත් හොඳ ක්‍රීඩා ශූරතාවයන් අත්පත් කරගැනීම සඳහා ඔවුන් දිරීමත් කිරීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අභිප්‍රායට අනුව ක්‍රීඩා අධ්‍යක්ෂක විසින් මෙම ක්‍රීඩා තරු හමුව සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු සියල්ලේහිම ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ තලයකට නැංවීම පිණිස නව තාක්ෂණික සහ උසස් පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදි යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක විසින් අවධාරණය කළහ. තවද, යුද්ධ හමුදා සුවසහන ණය යෝජනා ක්‍රමය, දසමාසික ණය සැලැස්ම, සුවසහන රක්ෂණ ආවරණය සහ රෝහල් පහසුකම් ඇතුළු යුද්ධ හමුදා සුභ සාධන කටයුතු පිළිබඳවද මෙහිදි ක්‍රීඩා තරු දැනුවත් කරන ලදී.

මෙම හමුව අවසානයේ දී වර්ෂ 2018 නව අවුරුදු උදාව සනීටුහන් කරමින් සියලුදෙනා තේපැන් සංග්‍රහයකට ද සහභාගි වුහ.

Nike sneakers | NIKE