Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2017 20:40:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පළමු වරට කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (17) දින සංචාරයක නිරත විය.

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධීපති වෙත එම බලකා භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලද අතර සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් විසින් පිලිගන්නා ලදි.

ඉන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සන්නද්ධ බුද්ධි බලකා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් සිය ආචාරය දේශය වෙනුවෙන් දිවි පිදු සන්නද්ධ බුද්ධි බලකා රණවිරුවන් වෙත පුද කරන ලදි.

දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකුලව සම්මාන ආචාර පෙළපාලියක් එම රෙජිමේන්තු සරඹ භුමියේ දී පවත්වන ලදී.

මෙහිදි ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක භට පිරිස් අමතමින් ප්‍රෞඩ රෙජිමේන්තුවක සාමාජිකයන් ලෙස කැපවීමෙන් හා උද්යෝගයෙන් යුතුව ඔවුන්ගේ රාජකාරි ඉටුකල යුතු බැව් පවසා සිටියේය.

එළැඹෙන 2018 වර්ෂය  ‘රට රකින ජාතිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ යන තේමාව තුලින් සාමකාමි හා සමෘද්ධීමත් නව යුගයක් ඇති කරමින් දේශයක් ගොඩනැගිම සඳහා ඉදිරියට යා යුතු බැව් සිහිපත් කරන ලද අතර අනාගතයේදි ජාතියේ ආරක්ෂකයින් වශයෙන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව ද යුද්ධ හමුදාධිපති තුමන් සඳහන් කරන ලදි.

භට පිරිස් ඇමතීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමා, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ඇතුළු නිලධාරින් සමග රෙජිමේන්තු මුලස්ථානය තුල ඉදිකෙරෙමින් පවතින නව සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේ ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කල අතර එම පුහුණු පාසලේ ගෘහ නිර්මාණ ආකෘතිය දෙස බලා ඉදිකිරිම් කටයුතු පිළිබදව විමසමින් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

සන්නද්ධ බුද්ධී බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිම පිළිබදව සන්නද්ධ බුද්ධී බලකායේ ‍කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සිය ස්තුතිය ප්‍රකාශ කල අතර එම සංචාරය සිහිපත් විම පිණිස සමරු ඵලකයක් ද පිරිනමනු ලැබිය.

සන්නද්ධ බුද්ධී බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලින් පිටත් විමට පෙර යුද්ධ හමුදාධිපති තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන අමුත්තන්ගේ පොත හි සමරු සටහනක් තැබු අතර සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ. අනතුරුව සන්නද්ධ බුද්ධි බලකා සියළු නිල තේ පැන් සංග්‍රහයට එක්වු යුද්ධ හමුදාධිපති තුමන් එහිදි ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

පසුගිය කාල වකවානු තුල රටේ ඇති වුන විවිධාකාර වු තර්ජනයන්ට නොබියව ඉතාමත් ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නද්ධ බුද්ධි බලකාය 1981 වර්ෂයේ සිදුවු බෙදුම්වාදි අරගලයත් සමඟ ආරම්භ වි ඇත.

buy footwear | Air Jordan Release Dates 2020