Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2019 22:32:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මූලතිව්හිදී සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ඇතුළු අත්‍යවශය පරිපාලන සහ සේවා පහසුකම් රැසක් විවෘත කරයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානය, 591 වන බලසේනා මූලස්ථානය සහ 593 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති පරිපාලන හා නවාතැන් ඇතුළු පහසුකම් රැසක් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින විවෘත කරන ලදී.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මූලතිව් සහ අවට ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ආරම්භ කල අතර ඊට අමතරව මූලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද හමුවිය.

ප්‍රථමයෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, 59 වන සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, 59 වන සේනාංක මූලස්ථානයේ දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකල නිලධාරී නිවස්නය සහ බළලත් නිලධාරී හා සැරයන් නිවස්නය විවෘත කිරීම සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හට ආරාධනා කරන ලදී. සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීයෙකු සහ බළලත් නිලධාරීයෙකු සමඟ එක්ව පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කල අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කළහ. මෙම සංචාරය සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනීසිටි අතර ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද එතුමන් එක්විය.

මෙම අවස්ථාව සඳහා 64 හා 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 593 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකල නිලධාරී නිවස්නය විවෘත කළහ. 593 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. යුද්ධ හමුදාධිපතිතුමන් 593 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද සමරු සටහනක් තැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 591 වන බලසේනා මූලස්ථායේ සංචාරයක නිරතවූ අතර එහිදී 591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුරේෂ් පෙරේරා ගේ උපදෙස් මත නවතමයෙන් ඉදිකල බලසේනා මූලස්ථාන කාර්යාල සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් විවෘත කරන ලදී. නව ගොඩනැගිලි සංකිර්ණයේ සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍රවලට අනුව පොල්තෙල් පහන දැල්වූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. මෙම සංචාරය සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනීසිටි අතර ඉන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. ඉන් අනතුරුව, අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් තිදෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 591 වන බලසේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ඨවීමට සුදුසුකම් ලැබු වී. විදුෂා, ටි.අභිෂාන්ත් සහ වි. ඩිනුෂාන්ත් යන සිසු සිසුවියන් හට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස මූල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ විදුහල්පති පොන්නම්බලම් පොන්රාජ් මහතා විසින් යුද්ධ හමුදාධිපතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් එම සිසුන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිම වනතෙක් මසකට රුපියල් 5000/= බැගින් මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනැමීය.

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

මෙම සංචාරයේ තවත් අවස්ථාවක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණියහ. මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ඒකක 23 ක සහභාගිත්වයෙන් ‘දැනුම බලය වේ’ (Knowledge is Power) තේමාව ඔස්සේ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 59 වන සේනාංකය විසින් සංවිධානය කල අන්තර් ඒකක නිලධාරී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන (Inter Battalion Quiz Competition – 2019) සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් කණ්ඩායම් 23 ක් සහභාගිවූ අතර තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාස සහ සහතිකපත් ප්‍රදානය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් එදින සන්ධ්‍යාවේ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම තරඟ වැදුණි. කෙසේ වෙතත්, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනිමට 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම සමත්වූ අතර තරඟාවලියේ අනුශූරතාවය 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය. තවද, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ නිත්‍ය සහ ස්වේච්ඡා පාබල ඒකකවල සේවයේ නියුතු කණිෂ්ඨ නායකයන් හා පාබල සෙබළුන්ගේ හැකියාව හා ගුණාංග වර්ධනය කිරීම අරමුණු කරගනිමින් 68 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද ශාරීරික යෝගයතාවය, ජිව වෙඩිතැබීම්, මුලික යුධ උපක්‍රම, රණබිම් ක්‍රම, සරඹ සහ ප්‍රායෝගික පරීක්‍ෂණ ආදී විෂයන් ඔස්සේ හොඳම පෙළ තේරීමේ තරඟාවලිය (Best Section Selection Competition) ජයග්‍රහණය කල 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම වෙත ජය සංකේත ප්‍රදානය මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී සුභපැතුම් පිරිනැමු අතර ඉන් අනතුරුව පැවැති අන්තර් ක්‍රියාකාරී සැසියේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුනගේ ගැටළුවලට සවන්දුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් එදින රාත්‍රියෙහි 59 වන සේනාංක මූලස්ථාන නිලධාරී නිවස්නයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා එක්වූ අතර එහිදි සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.Running Sneakers | Nike Shoes