Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2018 12:30:31 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඕල්කට්තුමාගේ ගුණසමරු දේශනයේ දී ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කෙරේ

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආදී ශීෂ්‍ය සංගමය විසින් කරන ලද ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පැවැති කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණසමරු උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (3) දින සහභාගි විය.

ආනන්ද විද්‍යාලයේ නිර්මාතෘ දිවංගත කර්නල් හෙන්රී ස්ටිල් ඕල්කට්තුමාගේ ගුණසමරු උත්සවය සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විද්‍යාල පරිශ්‍රයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, බෞද්ධ ආගමික පුනරුදයේ පුරෝගාමීයෙකු වන දිවංගත කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ පිළිරුව අභියස දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මල් කළඹක් තැන්පත් කර සිය ගෞරවය පුදකරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් කුලරත්න ශ්‍රවණාගාරයේ දී ආදී ශීෂ්‍ය සංගමයේ සාමාජිකයින් සමඟ එක්ව සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරනු ලැබීය. උත්සවය ආරම්භයේ දී ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් දිවංගත කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදුකල අතර ආනන්ද විද්‍යාලය විසින් වාර්ෂිකව පවත්නු ලබන මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා ආනන්ද විද්‍යාලයේ ආදී ශීෂ්‍යයෙකු වන වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් තෝරාගැනීම පිළිබඳවත් මෙහිදි කෙටියෙන් පැහැදිලි කළහ.

මෙහිදි ‘ඉන්දු පැසිෆික් කලාපීය හා ගෝලීය සම්බන්ධතාවය’ යන කාලීන මාතෘකාව යටතේ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන දේශනය සිදුකරමින් භූ විද්‍යාත්මක, භූ-මූලෝපායික, ආර්ථික, දේශපාලනික සහ නාවික ක්ෂේත්‍රය සමස්ථ ලෝකයටම වැදගත්වන ආකාරය පිළිබඳව පැහැදිලි කරනු ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශීෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු බෞද්ධ ආගමික පුනරුදයේ පුරෝගාමීයෙකු වන දිවංගත කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණසමරු උත්සවය සඳහා ආදී ආනන්දියන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්, විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. trace affiliate link | Nike Air Force 1 , Sneakers , Ietp STORE