Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2017 10:07:36 Hours

යාපනය හා මුලතිව් භට පිරිස් සහ සිවිල් වැසියන් එක්ව නිදහස් දිනය සමරයි

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සෙනසුරාදා (04) දින පැවති නිදහස් දින සමරුම් උත්සවය සාර්ථක කරගැනීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය දායක විය.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයින්ගෙන් සමන්විත පෙළපාලිය ඇතුලු නිදහස් සැමරුම් උත්සවයේ කටයුතු සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් සහාය දැක්වූහ. යාපනය පාසල් කිහිපයක කැඩේට් කණ්ඩායම් හා පාසල් සංස්කෘතික කණ්ඩායම්වල ඉදිරිපත්කිරිම් වලින් මෙම උත්සවය තවත් වර්ණවත් විය.

යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා හා 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා විසින් 69 වන නිදහස් දින සැමරුම සිහි ගන්වමින් නා පැළ දෙකක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ රෝපණය කල අතර, මේ අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, සෙසුනිලයින්, සිවිල් ජනතාව හා පුජ්‍ය පක්ෂය ද එක්ව සිටියහ.

මේ අතර, මුලතිව් නගරයේ දි සෙනසුරාදා (04) දින පැවති 69 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් හා වර්ණවත් පෙළපාලියක් පවත්වන ලදි. මෙහිදි ජාතික ධජය එසවිමෙන් අනතුරුව ජාතික ගිය ගායනා කිරිම, මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවත්විම සිදු කලහ.

මෙම සැමරුම් උත්සවය පැවැත්විම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඇතුලු අනෙකුත් යුද හමුදා මුලස්ථාන සහයෝගය දැක්වු අතර, මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාද් බදියුදින් සමගින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවති කේතිශ්වරන් මහත්මිය සහභාගි වුහ.

මෙහිදි ගරු රිෂාද් බදියුදින් මැතිතුමන් විසින් ජාතික ධජය එස වු අතර, ජාතික ගිය ගායනා කිරිම හා මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්විම ඉන් අනතුරුව සිදුකෙරිනි. මෙහිදි පාසල් සිසුන් විසින් සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ජාතික ගීය ගායනා කරන ලදි.

මෙම හමුදා පෙළපාලිය ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන්ගෙන් සමන්විත වු අතර පාසල් සිසුන් ඉදිරිපත් කරන ලද සංස්කෘතික වැඩසටහන් වලින් එදින වැඩසටහන වර්ණවත් විය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි, 591 බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මීට අමතරව, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් එදිනම මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී නිදහස් දිනය සමරන ලදි.

ඒ අනුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත ජාතික ධජය සහ යුද හමුදා ධජය එසවිම, මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විම ඇතුලු අනෙකුත් අංගයන් සිදු කෙරිනි.

එමෙන්ම, 69 වන නිදහස් දිනය වෙනුවෙන් භට පිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද එදින පැවැත්විය.

Nike air jordan Sneakers | New Balance 991 Footwear