Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2015 19:56:27 Hours

යාපනය ශ්‍රී නාග විහාර කඨින පිංකම ඉතා උත්කර්ෂවත් අයුරින්

යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික මහා කඨිනෝත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් නොවැම්බර් මස 7 සහ 8 යන දිනයන්හි උතුරු පළාත් ප්‍රධාන සංඝනායක හා විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ ඥානරතන ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පලිහක්කාරගේ උපදෙස් මත පවත්වනු ලැබූ මෙම කඨින පූජෝත්සවය සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් මෙන්ම නාවික, ගුවන් හමුදාව සහ පොලිසියේ ද සහයෝගය ලැබුනි. සංස්කෘතිකාංගවලින් සමන්විත වර්ණවත් කඨිනය පෙරහැර මුත්තුවේලි ක්‍රීඩාංගණයේ සිට ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවූ අතර, එදින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් ද පවත්වනු ලැබීය. මෙහිදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් කඨින චීවරය මහා සංඝ රත්නය වෙත පූජා කළ අතර, උදෑසන දානමය පිංකමෙන් පසු මහා සංඝ රත්නය වෙත අටපිරිකර ද පූජා කරනු ලැබීය. සෙනසුරාදා (7) දින පැවැත් වූ මෙම පෙරහැර සඳහා යාපනය දිස්ත්‍රික්ක ලේකම් එන්. විතානායගම් මහතා, යාපනයේ ඉන්දීය කොන්සිල් ජෙනරාල් ඒ. නටරාජන් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ පුද්ගලික අංශයේ නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. jordan release date | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos