Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2017 09:50:27 Hours

යාපනය භට පිරිස් 69 වන ජාතික නිදහස් දිනය සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සහ අනෙකුත් සේනාංක, බලසේනා සහ ඒකකයන් සෙනසුරාදා (04) දින 69 වන නිදහස් දිනය සමරන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පලාලි පිහිටි එම මුලස්ථානයේ දී ජාතික ධජය එස වූ අතර, ජාතික ගීය සහ යුද හමුදා ගීතය ගායනා කරමින් මියගිය රණවිරුවන් සිහිකර විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

තවද, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් තෙලිප්පලෙයි මුලික රෝහල සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කළහ.

මේ අතර, 69 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 55 වන සේනාංක භට පිරිස් විසින් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ද පැවැත්විය.

සිවිල් සම්බන්ධිකරණ නිලධාරි විසින් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ වැඩසටහන අයියකච්චි හි පිහිටි 12 වන ස්වෙච්ඡා විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ දී එම භට පිරිස් හි සහයෝගයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් රැසක් ලේ පරිත්‍යාග කළහ. යාපනය රෝහලේ වෛද්‍ය ටී. විශ්වේතිදන් ඇතුලු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පැවති මෙම වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් 100 දෙනෙක් පමණ ලේ පරිත්‍යාග කරනු ලැබූහ.

තවද, මෙම වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 552 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත පැවැත්විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම යටතේ යාපනය රෝහල් ලේ බැංකුවේ රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා 4 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකාය විසින් තවත් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.

4 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝෂාන් ජයමාන්න ඇතුලු එම බලකා භට පිරිස් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා පලාලි යුද හමුදා ජනපදයේ යුද හමුදා සාමාජිකයින් 110 ක් මෙහි දි ලේ පරිත්‍යාග කළහ.

මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පි. කලෙයිචෙල්වි ඇතුලු කාර්ය මණ්ඩලය සිය සහයෝගය ලබාදෙන ලදි.

latest Running | Nike