Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2018 18:54:46 Hours

යාපනය භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ජංගම අක්‍ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදාදීමක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අක්‍ෂි සායන වැඩසටහනක් යාපනය, පලාලි මූලික රෝහල් පරිශ්‍රයේ දී ඉරිදා (10) දින පැවැති අතර, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව එඩේරමුල්ල සිංහ සමාජය විසින් එහිදි ඇස් කණ්නාඩි බෙදාදෙනු ලැබීය.

මෙම අක්‍ෂි සායන වැඩසටහනේ දී රෝගින් 363 කට වැඩි පිරිසකගේ ඇස් පරික්ෂා කල අතර පෙර පැවැති අක්‍ෂි සායනයේ දී හඳුනාගත් දෘෂ්‍යාභාධිත රෝගින් 159 දෙනෙකු වෙත ද මෙහිදි ඇස් කණ්නාඩි බෙදාදෙන ලදී.

එම අක්‍ෂි සායනයට පැමිණි දෘෂ්‍යාභාධිත රෝගින් හට අක්‍ෂි ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය වූහොත් කඩවත පිහිටි සිංහ සමාජයේ සරල ජයන්ති අක්‍ෂි රෝහල වෙත යොමු කිරීමට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කටයුතු සංවිධානය කර තිබිණි.

මෙම අක්‍ෂි සායන වැඩසටහන සඳහා එඩේරමුල්ල සිංහ සමාජයේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

jordan Sneakers | Air Jordan Sneakers