Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2019 14:39:06 Hours

යාපනය භටපිරිස් අතහැරදැමූ වැවක් ප්‍රතිසංස්කරණය කර ගොවිතැන් කටයුතු සඳහා ලබාදෙයි

‘Friends of Jaffna’ සහ වඩුකොඩෙයි නිරිතදිග ගොවීන්ගේ ඉල්ලීම අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය හා යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් වඩුක්කොඩෙයි ප්‍රදේශයේ අරාලි සෙට්ටිආර්මදම් පෙරියතම්බිරම් කෝවිල අසල පිහිටි වැව ප්‍රතිසංස්කරණය කරන ලදී.

‘Friends of Jaffna’ සහ වඩුකොඩෙයි නිරිතදිග ගොවීන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අත්හැර දමා තිබු මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාගත්හ. මෙම වැවෙහි ජලය අතීතයේ වගා කටයුතු සඳහා භාවිතා කර ඇති නමුත් වැව පිළිබඳ නොසලකා හැරීමෙන් අනතුරුව ගොවින්ට කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා දුරස්ථ ප්‍රදේශවලින් ජලය ගෙන එමට සිදුවිය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රදේශයේ ගොවීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සැපයීමට එකඟවිය. යුද්ධ හමුදා සාමාජිකයින් බර යන්ත්‍රෝපකරණ යොදාගනීමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සති කිහිපයක් තුල සාර්ථකව නිම කරන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද වැව භාරදීමේ උත්සවය පසුගියදා එම වැව අසල දී පැවැත්වූණු අතර මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනයේ ඉන්දිය කවුන්සිල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ ගොවීන් රැසක් එක්ව සිටියහ. jordan release date | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival