Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2018 15:30:06 Hours

යාපනයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් සඳහා ‘ක්‍රීඩා, වෛද්‍ය හා පෝෂණය’ පිළිබඳව සහ ‘කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය’ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් බදාදා (10) දින සහ සිකුරාදා (12) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

‘ක්‍රීඩා, වෛද්‍ය සහ පෝෂණය’ නීරෝගීමත් ජීවිතයකට ඉවහල්වන ආකාරය පිළිබඳව ප්‍රවීණ ශාරීරික අභ්‍යාස උපදේශක ආර්.එම්.එන් සංජීව මහතා විසින් මෙහිදී දැනුවත් කරනු ලැබීය.

මෙම වැඩසටහනේ දී පෝෂණය, ශාරීරික යෝග්‍යතාවය, ප්‍රථිකාර, ක්‍රීඩාව, ව්‍යායාම මෙන්ම ආහාර පාලනය ආදී වැදගත් කරුණු කිහිපයක් පිළිබදව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර, ‘කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය’ වර්ධනය කිරීමේ අරමුණින් යාපනය පාලාලි පිහිටි යුද්ධ හමුදා ගොවිපලෙහි සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (12) දින සංවිධානය කරනු ලැබීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනෙහි දේශන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කෘෂි උපදේශක එම්.එන්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා සහ ඒ.ජි.සී. බාබූ මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම දේශනය සඳහා පලාලි යුද්ධ හමුදා ගොවිපලේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සෙසු නිලයින් සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් රැසක් එක්ව සිටියහ.

Sports News | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf