Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2017 11:55:08 Hours

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගනි

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගැනීම වෙනුවෙන් මාර්තු මස 26 සිට 28 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2016 ජනවාරි 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගත් අතර, වසරකට වැඩි කාලයක් එම තනතුරේ රාජකාරි කරනු ලැබිය.

ඒ අනුව නික්ම යන ආඥාපතිවරයා 51,52,53 සේනාංකයන්හි සහ කන්කසන්තුරේ පිහිටි ඉදිරි නඩත්තු පෙදසෙහි සංචාරය කළ අතර, එහිදි එම මුලස්ථානයන් වෙතින් තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කළහ.

ඉරිදා (26) දින නික්මයන යාපනය ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.

එමෙන්ම, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුලු ප්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් නික්මයන ආඥාපතිවරයා වෙනුවෙන් උපහාර උත්සව සංවිධානය කරමින් ඔහුගේ සේවය ඇගයීමට ලක් කළහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වෙතනායහම් මහතා සහ යාපනය අර්ධද්විපයේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නික්ම යන මේජර් ජෙනරාල් සේනානායක වෙත උපහාර පිරිනැමිමේ උත්සවයක් සංවිධානය කළ අතර, එහිදි එතුමාගේ සේවය අගය කරමින් සංකේතාත්මකව සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

එමෙන්ම, නික්මයන ආඥාපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් තමා වෙත ලබාදුන් සහාය අගයමින් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත එම අවස්ථාවේ දී සංකේතාත්මකව සමරු තිළිණයක් ද පිරිනැමිම සිදු කළහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා යාපනය කයිටිස් මාර්ගය දෙපස පැළ සිටවිමේ උත්සවයකට ද සහභාගි විය.

යාපනය අර්ධද්විපයේ නැවත පදිංචි කිරීම්, සංහිඳියාව ඇති කිරිමේ වැඩසටහන් සහ ප්‍රජා ව්‍යාපෘති රැසක් සිදු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයෙන් නික්මයාමට ප්‍රථම, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (29) දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස නව කාර්යාලයේ දී රාජකාරි භාර ගැනීමට ද නියමිතය.

jordan Sneakers | Air Jordan