Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2018 14:37:53 Hours

මූලතිව් භට පිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමට දායකවෙයි

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 19 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සෙනසුරාදා (17) දින කිලෝමීටර් 8 ක පමණ දුරක් ඇති මූලතිව්, නයාරු සිට චෙම්මලෙයි දක්වා වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහන 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබීය.

593 බලසේනාවේ සහ 19 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද එක්ව සිටියහ.

short url link | Autres