Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 16:15:10 Hours

මුලතිව් හි නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා පුහුණු වැඩමුළුවක්

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් පුහුණු වැඩමුළුවක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දි නොවැම්බර් 01 හා 02 දෙදින තුළ පවත්වනු ලැබීය.

මෙම පුහුණු වැඩමුළුව සදහා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බළසේනා මූලස්ථාන, හා ඒකකයන් නියෝජනය කරමින් පළමු දිනය සදහා නිලධාරීන් 55 දෙනෙකු සහභාගී වු අතර එහි පැවති දෙවෙනි දින පුහුණු වැඩමුළුව සදහා එම මූලස්ථානයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 80 ක් පමණ සහභාගි විය.

කම්කරු අමාත්‍යංශයේ සුවසෙත උපදේශන මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණුකරුවෙකු වන එම්. වීරසිංහම් මහතා, කම්කරු අමාත්‍යංශයේ කාන්තා සම්පත් සම්බන්ධීකරණ නිළධාරීණි සුමිකා පෙරේරා මහත්මිය හා එවරස්ට් කන්ද තරනය කල ප්‍රථම කාන්තාව වන ජයන්ති කුරුතුම්පොල මහත්මිය ඇතුළු පිරිසක් විසින් පුහුණු සැසිය පවත්වනු ලැබීය.

අනතුරුව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පැමිණි උපදේශක වරුන් අගයමින් ඔවුන් සදහා සමරු තිළිනද ප්‍රධානය කරනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති වෙනුවට මෙම වැඩමුළුව සදහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ් ඩි සි කේ කොස්තා සහභාගි විය.jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories