Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2015 19:36:11 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් ඉංග්‍රීසි පාඨලාවක් නිමා වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශය තුල රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ සිවුවන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවෙහි සමාප්ති උළෙල සිකුරාදා (27) දින එම ආරකෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. සෙබලුන් 44 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාස 2 ක කාලයක් පුරා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව 2015 සැප්තැම්බර් මස 28 වන දින ආරම්භ කරනු ලැබීය. මෙහි සහතිකපත් ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සහභාගි විය. පාඨමාලාවේ අවසන් දින පාඨමාලාලාභීන් විසින් තමන් උගත් ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගනිමින් අලංකාර කතා සහ නාට්‍යයන් ද ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාව අමතමින් මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීමේ වැදගත්කම අවධාරනය කරමින් ඉංග්‍රීසි දැනුම හමුදා සහ සිවිල් ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. තව ද මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ මාණ්ඩලික නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.Asics shoes | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov