Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2016 00:43:05 Hours

මුලතිව් ආරක්ෂක සේනාවෙන් තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් පැවැත්වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත එම මූලස්ථානයේ පැවැත් වූ තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් බදාදා (18) දින නිමාවට පත්විය. මාස දෙකක කාලයක් පුරා පැවති එම පාඨමාලාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකු සහභාගි වූහ. මෙම උත්සවයේ දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍යයක්, රංගනයන් සහ කතා ඉදිරිපත් කිරීම් ආදිය පවත්වනු ලැබීය. මෙම අවස්ථාවේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සහභාගි වූ අතර, ‘ජීවිතයට ඉංග්‍රීසි භාෂාවේ ඇති වැදගත්කම’ මැයෙන් දේශනයක් ද පැවැත්විනි. පාඨමාලාව සාර්ථකව නිම කළ සෙබලුන්ට සහතිකපත් පිරිනැමීමට මුලතිව් ආඥාපති සමඟින් 59 වන සේනාංකාධිපතිවරයා ද එක්වූවේය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් ද මීට එක්වුහ.Running sport media | FASHION NEWS