Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2015 20:05:46 Hours

මුලතිව්හි දී වෛද්‍ය සායනයක්

පුදුකුඩිඉරිප්පු ශ්‍රී සුබ්‍රමනියම් විදුහලේ දී සිවිල් වැසියන් උදෙසා යුද හමුදාව සංවිධානය කළ වෛද්‍ය සායනයක් සෙනසුරාදා (28) දින පැවැත්විනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 68 සේනාංකයට අයත් 682 බල සේනාව මෙම සත්කාර්යය සංවිධානය කලහ. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේගේ සංකල්පයකට අනූව 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියවසම්ගේ අධීක්ෂණයෙන් යුතුව මෙම වෛද්‍ය කඳවුර පැවැත්විනි. සේවා මුක්ත භට සංගමයේ මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) සම්බන්ධීකරණයෙන් සහ මේජර් ජෙනරාල් ඩඩ්ලි පෙරේරාගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික වෛද්‍ය සංගමයේ හා පානදුර සිංහ සමාජයේ දායකත්වයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥයින්, මනෝ චිකිත්සකයින් සහ කායික රෝග විශේෂඥයින් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මීට දායක වුහ. එහි දී රෝගීන් 54 දෙනෙකුට ප්‍රතිකාර කෙරිනි. අනතුරුව මෙම වෛද්‍ය සායනය වෙත පැමිණි සිට පිරිස වෙත දිවා ආහාර පාර්සල් ද බෙදා දුනි.bridge media | Nike Shoes, Sneakers & Accessories