Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2017 20:30:50 Hours

මියගිය රණවිරුවන්ගේ සදාකාලික මතකයන් සිහිගන්වමින් රණවිරු සැමරුම් දිනය සැමරේ

මෙම වසරේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිකිරිම අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කර දිවයිනේ භෞමික අඛණ්ඩතාවය සුරකීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් සිදු කළ අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් සෑම වසරකම මැයි මස 19 දින රණවිරු සැමරුම් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සැමරුම් උත්සවයේ දී සර්ව ආගමික වතාවත් සිදු කිරිම, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම හා පහන් දැල්වීම මෙන්ම හමුදා ගෞරව පිරිනැමිම ආදිය සිදු කරනු ලබයි.

මෙහි පැමිණි අතිගරු ජනාධිපතිතුමා පිළිගැනීම රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරනු ලැබූ අතර, සියලුම සම්භාවනිය අමුත්තන් පැමිණිමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම සහ මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විම ද සිදු කළහ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුලු ආරධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්ය වාදක කණ්ඩායම්වල සම්ප්‍රදායික රණබෙර වාදනයන් මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම සම්භාවනීය ආරාධිතයින් රණවිරු ස්මාරකය අභියසට පැමිණ පුෂ්පෝපහාර දැක්විම සිදු කළහ.

එමෙන්ම, මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්, ළඟම ඥාතීන් සහ රණවිරු දරුවන් මල් කළඹවල් සහ නෙළුම් මල් තැන්පත් කරමින් ඉටිපන්දම් දල්වා තම ආදරණීයයන් සිහිකරමින් මෙහිදි උපහාර දැක්වූහ.

හමුදා සම්ප්‍රදායානුකූලව ත්‍රිවිධ හමුදා සහ පොලිස් බියුගල්කරුවන්ගේ පසුබැසීමේ නාදයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් වූ අතර, අනතුරුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් විසින් රණවිරු ස්මාරකය ඉදිරිපස පිහිටි සමරු පහන දැල්විම සඳහා එක්වූහ.

මෙහි පැවති ආලෝක පූජාවෙන් රණවිරු ස්මාරක සංකීර්ණයම අලෝකමත් වූ අතර, වසර 30 ක් පූරා පැවති කුරිරු යුද්ධයේ දී දිවිපිදු ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ සදාකාලික වීරත්වය එමඟින් සිහිගැන්විය.

Nike footwear | AIR MAX PLUS