Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:30:13 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති පළමු ඒකක විධායක අධිකාරි පාඨමාලාව සාර්ථකව අවසන්

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී යුද්ධ හමුදා ඒකක විධායක අධිකාරි නිලධාරින් වෙනුවෙන් ප්‍රථම වරට පැවැත්වූ ‘ඒකක විධායක අධිකාරි පාඨමාලා අංක - 01’ හී සමාප්ති උත්සවය ඉකුත් සිකුරාදා (30) දින එම පුහුණු පාසලේ දී පැවැත්විණි.

නොවැම්බර් මස 26 වන දින ආරම්භ වූ මෙම පුහුණු වැඩමුළුව පුරා දින 4 ක් පැවැත්වුණු අතර යුද්ධ හමුදාවේ විධායක අධිකාරින් ලෙස පත් කළ හැකි මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 89 දෙනෙකු වැඩමුළුව සඳහා සහභාගි වූහ.

මෙම පුහුණු වැඩමුළුවේ සමාප්ති උත්සවය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදා පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න සහභාගි වූ අතර සේනාවිධායක තුමන් විසින් සහතිකපත් ප්‍රදානයෙන් අනතුරුව සියලුදෙනා අමතනු ලැබීය.

යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ප්‍රියන්ත හැන්නදිගේ, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, පුහුණු අංශ ප්‍රධානි සහ පාඨමාලාව භාර නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම සමාප්ති උත්සවය සඳහා සහභාගි වූහ. Running sports | New Balance 991 Footwear