05th April 2019 12:36:14 Hours
මහනුවර නගරයේ අලිමුඩුක්කුවට යාබඳව පිහිටි මහල් 04 කින් සමන්විත වාණිජ ගොඩනැගිල්ලක බ්‍රහස්පතින්දා (04) දින සන්ධ්‍යාවේ ඇතිවු හදිසි ගින්නක් පිළිබඳ සැලවු වහාම 11 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 44 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි නිවන භටයින් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
ඇතිවු හදිසි තත්ත්වය පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්විමට කටයුතු කළහ.
මහනුවර ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය. latest jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News