Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:15:26 Hours

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ චරිතය සහ පෞරුෂත්වය සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි මස 6 සහ 7 යන දෙදින තුල පවත්වන ලදී..

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හා 52 වන සේනාංක මුලස්ථානයේ පැවති මෙම දෙදින දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 50 දෙනෙකු සහ සෙසුනිලයින් 650 දෙනෙකු සහභාගී වුහ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සමන්ත නිල්මල්ගොඩ විසින් මෙහෙයවු අතර මෙහිදී සියදිවි හානිකරගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, ආතතිය කළමණාකරණය, ජීවන කුසලතා වර්ධනය සහ තෘප්තිමත් විවාහ ජීවිතය යන මාතෘකා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Asics shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals